විදෙස් ජාතික කතක් සිහිමුර්ජා කර සල්ලි කොල්ලකාලා – කුලී රථ රියදුරා අත්අඩංගුවට

මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් හා භාණ්ඩ කොල්ල කෑ කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විදෙස් ජාතික කාන්තාව කුලී වෑන් රථයකින් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා යමින් සිටිය දී වෑන් රථ රියදුරා ඇයට පළතුරු පාන වර්ගයක් බීමට ලබා දී ඇයව සිහිමුර්ජා කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

අනතුරුව විදෙස් ජාතික කාන්තාව සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක්, මුදල් ඇතුළු දේපළ කොල්ල කා තිබෙනවා.

පසුව සිහිමුර්ජා වී සිටි විදෙස් ජාතික කාන්තාව ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ජාතික කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර කුලී රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?