විජයකලා මහේෂ්වරන්ට නිදහස

2018 වසරේ කොටි සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළා.

මෙම පැමිණිල්ල අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

පැමිණිල්ල අද (19) කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකාර විජයකලා මහේෂ්වරන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා විසින් තීරණය කර ඇති හෙයින් ඇය නිදහස් කිරීමට නියම කරන බවයි.

2018 වසරේ ජූලි මස 02 වනදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10