වැලිකන්දේ බස් රථ අනතුරක් – 30ක් රෝහල්ගත කෙරේ

බස් රථ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ පොළොන්නරුව – වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දීයි.

බස් රථය අධික වේගයෙන් පැමිණීම නිසා, රථයේ රියදුරුට එය පාලනය කරගැනීමට නොහැකි ව ඇති බවත් වාර්තා වනවා.

ඒ සමග බස් රථය මාර්ගයෙන් ඉවත පැන ලිස්සා ගොස් බෑවුම් කොටසකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ දී එහි මගීන් 80ක් පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

මෙය පෞද්ගලික සහල් මෝලක සේවයේ නිරත සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් බවටයි පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

තුවාල ලැබූවන් වැලිකන්ද රෝහලට ද, වැඩිදුර ප්‍රතිකාර ලැබීම සඳහා තවත් පිරිසක් පොළොන්නරුව රෝහලට ද මාරු කර යවා තිබෙනවා.

දැනට වාර්තා වන පරිදි කිසිදු ජීවිතයකට මරණීය බලපෑම් මෙම අනතුරින් සිදු ව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32