වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධුර කාලය දිගු කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස කටයුතු කරන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා.

මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්