ව්‍යාජ හෙළබොජුන්වලට රැවටෙන්න එපා

හෙළබොජුන් නමින් පවත්වාගෙන යන ව්‍යාජ අනුකරණ ආහාර අලෙවි ස්ථානවලට නොරැවටී ඇණවුම් කළ අවස්ථාවේම සහල් පිටි යොදා සකස් කළ උණුසුම් ආහාර ලබා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළබොජුන් අලෙවිසැල්වලින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පාරිභෝගිකයින්ට දන්වා සිටියි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් පරිදි තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදා ගනිමින් සකස් කරන ලද ආහාර ප්‍රවර්ධනය සඳහා මේ වනවිට දිවයින පුරා හෙළ බොජුන් නමින් ආහාර අලෙවි සැල් ජාලයක් පවත්වාගෙන යනු ලබයි.

මෙම හෙළබොජුන් ආහාර අලෙවිසැල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් වන අතර එම නමින් වෙනත් පුද්ගලයින් ද ආහාර අලෙවි ස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

නමුත් හෙළ බොජුන් අලෙවි සැල්වල ආහාර සකස් කරනු ලබන්නේ සියයට සියයක්ම දේශීය ආහාර ද්‍රව්‍ය යොදාගනිමින් වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළබොජුන් අලෙවිසැල්වල කිසිසේත්ම තිරිඟු පිටි යොදා සකස් කළ ආහාර වර්ග අලෙවි කරන්නේ නැති බවත් තිරිඟු පිටි වෙනුවට සහල් පිටි යොදා ගනිමින් සකස් කළ පෝෂ්‍යදායී ආහාර හා සීනි මිශ්‍ර නොකර සකසන ලද පලතුරු බීම හා බෙලිමල්, හා රණවරා වැනි බීම වර්ග පමණක් අලෙවි කරන බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පරණ ආහාර හා උණුසුම් නැති ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම තහනම් වන අතර පාරිභොගිකයින් වෙත එම අවස්ථාවේ ම සකස් කළ උණුසුම් ආහාර ලබා දීමට හෙළ බොජුන් ආහාර මධ්‍යස්ථාන විසින් සිදු කරන බවත් වැඩිදුරටත් දන්වා සිටියි.

හෙළබොජුන් නාමය යොදා ගනිමින් ව්‍යාජ ලෙස පවත්වාගෙන අලෙවි ස්ථාන නිසා පාරිභෝගිකයින් රැවටීමත්, තිරිඟු පිටිවලින් සකසන ලද ආහාරවර්ග හා පරණ ආහාරත් අලෙවි කරනු ලබන බව අමාත්‍යාංශය දන්වා සිටියි.

මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන හෙළබොජුන් නාමය සහිත ආහාර අලෙවි ස්ථාන හැර එම නාමය භාවිතා කරමින් පවත්වාගෙන අනිකුත් ස්ථාන කිසිසේත්ම රජයට අයත් හෙළබොජුන් අලෙවි ස්ථාන නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

ඊයේ (27) දින මේ සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් හෙළබොජුන් අලෙවිසැල්වල අනන්‍යතාවය හා ප්‍රමිතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා නිරන්තර අධීක්ෂණ කටයුතු මෙහෙයවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට දිවයින පුරා ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් හෙළබොජුන් අලෙවිසැල්වලින් විශාල පිරිසක් ආහාර පාරිභෝජනය කරන අතර ඇතැම් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන ව්‍යාජ හෙළබොජුන්සැල් නිසා මෙම ස්ථානවල ද විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි නිලධාරිහු පෙන්වා දෙයි.

එම නිසා හෙළබොජුන් නාමය සහිත ස්ථාන අතරින් සහල් පිටි පමණක් යොදා ගනිමින් ආහාර සකස් කරනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් හෙළ බොජුන් අලෙවි සැල්වල පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසරේ දී හෙළ බොජුන් අලෙවි සැල් ප්‍රවර්ධනය සඳහා රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බැවින් එම මුදල් යොදා ගනිමින් මෙම අලෙවිසැල් ජාලයේ ප්‍රමිතිය රැක ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙළ සකසන්නැයි ද උපදෙස් ලබා දි තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21