spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 04ක් සිරගෙදර සිට ආ සැමියා බිරිඳගේ මාස හතේ දරුවාගෙන් පළිගනී

තම සොහොයුරා සමඟ විවාහ වූ බිරිඳ සොයා ගිය පුද්ගලක් ඇයගේ මාස 07ක බිළිඳිය ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

අපරාධයට සම්බන්ධ සැකකාර පුද්ගලයා මංකොල්ලකෑම් නඩුවක වරදකරු වී වසර හතරක් ගුරුග්‍රාම් හි බොන්ඩ්සි බන්ධනාගාරයේ රඳවා සිට පසුගිය 24 වනදා නිදහස්ව පැමිණ තිබෙනවා.

විජය සහානි නැමැති මොහු සිරගතව සිටි වසර 04ක කාලය තුළ බිරිඳ, ඔහුගේ බාල සහෝදරයා සමඟ වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය දරුවෙක් ද බිහිකර ඇති අතර, එම දරුවායි මෙලෙස ඝාතනය කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් සිරගතව සිටි කාලය තුළ සිදුව ඇති සිදුවීම සම්බන්ධයන් කෝපයට පත් වූ මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් 24 සහ අප්‍රේල් 25 අතර රාත්‍රියේ මෙම අපරාධය සිදුකර තිබෙනවා.

මාස 07ක බිළිඳියව ඝාතනය කිරීමෙන් පසු සැකකරු පළාගොස් ඇති අතර, පළාගිය සැකකරු පැය කිහිපයකට පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බිළිඳියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය පවුලේ අයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
2
+1
4
+1
17
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?