ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් මහනුවරට අලුත්ම BAIC ප්‍රදර්ශනාගාරයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගිය දා මහනුවරදී විවෘත කරනු ලැබුවා.

කටුගස්තොට පාර, මහනුවර මාර්ගය අසළ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය මඟින් මහනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන්ට BAIC මාදිලියේ අතිනවීන රථවාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා.

නවීන තාක්ෂණයෙන් හා උසස් විශේෂාංගවලින් සමන්විත මෝටර්රථ සඳහා දේශීය වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුමට සාර්ථක පිළිතුරක් ලබාදෙමින්, BAIC වාහන දිවයින පුරා පාරිභෝගිකයන් වෙත තවදුරටත් සමීප කිරීම මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණයි.

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ප්‍රධාන (Flagship) ප්‍රදර්ශනාගාරයට අමතරව කොළඹ 02 හයිඩ් පාර්ක් කෝනර්, කුරුණෑගල, මාතර, රත්නපුර, යාපනය සහ අම්පාර යන ප්‍රදේශවල ද BAIC ප්‍රදර්ශනාගාර දැනටමත් ක්‍රියාත්මකයි.

මහනුවර විවෘත වූ නව ශාඛාවත් සමඟ දිවයිනේ ප්‍රධානතම කලාප රැසක පාරිභෝගිකයන්ට විශ්වාසනීය හා කාර්යක්ෂම අලෙවි සේවාවක් ලබාගැනීමේ පහසුකම හිමිවනවා.

විවිධ පාරිභෝගික අවශ්යතා සහ රුචිකත්වයන් සපිරීම සඳහා BAIC වාහන මාදිලි ත්රිත්වයක් දැනට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් දේශීය වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතුරින් BAIC X55 යනු උසස් තාක්ෂණය, විශිෂ්ට ධාවන ක්ෂමතාව සහ අලංකාර නිමාව එක්තැන් වූ නවීනතම SUV රථයකි. එමෙන්ම ඕනෑම මාර්ගයක ධාවනය කළ හැකි, ප්රබල ධාවන අත්දැකීමක් සහ පෞරුෂත්වයෙන් පිරි පෙනුමක් සොයන පාරිභෝගිකයන් වෙනුවෙන්ම BAIC BJ30 SUV රථය නිර්මාණය කර තිබෙනවා.

මීට අමතරව තිරසාර සහ පරිසර හිතකාමී ගමනාගමනය උදෙසා නිපදවූ, සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්රියාකරන BAIC X3e මෝටර්රථය ද මෙම මාදිලි අතරට අයත්.

ප්රදර්ශනාගාර ජාලය ව්යාප්ත කිරීමට අමතරව, වාහන හිමිකරුවන්ට අඛණ්ඩ සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට ද ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව කොළඹ හයිඩ් පාර්ක් කෝනර් හි පිහිටි විශේෂිත BAIC සේවා මධ්යස්ථානය සහ දිවයින පුරා විසිරුණු නියෝජිත ජාලය හරහා වාහන නඩත්තු කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතිනවා.

මහනුවර නව ප්රදර්ශනාගාරය ආරම්භ කිරීමත් සමඟ මධ්යම පළාතේ පාරිභෝගිකයන්ට BAIC රථවාහන අත්විඳීමටත්, ඩේවිඩ් පීරිස් සමූහයේ විශ්වාසනීය සේවාව තමන්ගේම නගරයෙන් ලබාගැනීමටත් අවස්ථාව උදාවනවා.

වැඩිදුර තොරතුරු 0114 700678 අංකය ඇමතීමෙන්, www.baicsrilanka.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ BAIC Sri Lanka නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසීමෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28