මට්ටක්කුලිය පොලිස් වසමේ දී මාර්ග අනතුරකින්, තිදෙනෙක්ට දිවි අහිමි වූ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (16) දින රාත්‍රී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී අනතුරක් සිදුව තිබු අතර එම අනතුරෙන් අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඉන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ කාර් රථයේ රියදුරු අද (17) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු, අනතුර සිදුව අවස්ථාව වන විට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.
සැකකරු වයස් අවුරුදු 52ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.













