තිදෙනෙක්ට දිවි අහිමි වූ මට්ටක්කුලියේ රිය අනතුරේ කාර් රථ රියදුරු රිමාන්ඩ්

මට්ටක්කුලිය පොලිස් වසමේ දී මාර්ග අනතුරකින්, තිදෙනෙක්ට දිවි අහිමි වූ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (16) දින රාත්‍රී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී අනතුරක් සිදුව තිබු අතර එම අනතුරෙන් අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඉන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ කාර් රථයේ රියදුරු අද (17) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු, අනතුර සිදුව අවස්ථාව වන විට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.

සැකකරු වයස් අවුරුදු 52ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40