සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
එම සංචිතය සඳහා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද එක්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ල මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වූයේ වසර 03කට පමණ පසුව වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා.
එමෙන්ම අබාධ තත්ත්ව්‍යනේ සුවය ලබමින් සිටින ආරම්භ ක පිතිකරු පැතුම් නිස්සංක ද සන්චිටහයට නම් කර නැහැ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එහි දෙඅවන තරගය කොළඹ SSC පිටියේ දී ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතය,
ධනංජය ද සිල්වා (නායක), ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනුෂ, නිරෝෂන් දික්වැල්ල (WK), රමේෂ් මෙන්ඩිස්,, ප්‍රභාත් ජයසූරිය කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක













