ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ සුගීෂ්වර යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළා.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට සුගීෂ්වර බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඒ අනුව, සැකකාර සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට අධිකරණය නියම කළා.