වන අලින් පලවා හැරීමට ගිය වන ජීවී නිලධාරීන්ට පාට් දැමූ ගමේ චන්ඩි අත්අඩංගුවට

වන අලින් පලවා හැරීමට ගිය වන ජීවී නිලධාරීන් සමග ගැටුමක් ඇති කර ගත් බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

13 වෙනිදා රාත්‍රී 9.15 ට පමණ කොබෙයිගනේ – මහකෙලියාව ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.

කොබෙයිගනේ – මහකෙලියාව ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලි රංචුවක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් නිකවැරටියේ පිහිටි වන අලි පාලන ඒකකයට දැණූම් දී ඇත.එම දැණුම් දීම මත නිකවැරටිය වන අලි පාලන ඒකකයේ සහ කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් 13 වෙනිදා රාත්‍රීයේ මහකෙලියාව ප්‍රදේශයට පැමිණ ගම් වැදී සිටින වන අලින් පලවා හැරීමට කටයුතු ආරම්භ කර තිබේ.

එම අවස්ථාවේදී වන අලින් පලවා හැරීමට පැමිණ සිටි වන අලි පාලන ඒකකයේ නිලධාරියෙකු සහ ගම්වාසියෙකු අතර බහින් බස්වීමක් සිදුවී ඇත.එම බහින් බස්වීමෙන් අනතුරුව ගම්වැසියා විසින් වන අලි පාලන ඒකකයේ නිලධාරියාව තල්ලු කර දමා ඇත.සිද්ධියෙන් බියට පත්ව ඇති වන අලි පාලන ඒකකයේ නිලධාරියා තමන් අත තිබූ රිෆිටර් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩි ප්‍රහාරයක් මුදා හැර ඇත.ඒ සමගම අලි එළවීමට එක්වී සිටි වන අලි පාලන ඒකකයේ සෙසු නිලධාරීන් සහ ගම්වැසියන්ද එම ස්ථානයට එක්ව ඇත.

දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීම සහ ගැටුම සමථයකට පත් කර ඇති කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන ගම්වාසී පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගැටුමෙන් අනතුරුව වන අලි පාලන ඒකකයේ නිලධාරීන් ගම්වැදී සිටින වන අලින් පලවා හැරීම පසෙක දමා ආපසු ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34

?