තායිවාන රජය ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා.
ඒ අනතුරට ලක් වූ වන් හායි 503 දරණ නෞකාවේ කාර්‍යය මණ්ඩලය කඩිනමින් බේරාගැනීමට මැදිහත් වීම සම්බන්ධයෙන්.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කෙරුණු මෙම නෞකාව දකුණු කේරළ මුහුදු තීරයේ දී හදිසි ගිනි ගැනීමකට ලක් වුණා.
එම ගිනි ගැනීමේ දී එහි සිටි කාර්‍යය මණ්ඩලය කඩිනමින් මැදිහත් ව බේරාගැනීම සිදු කළේ ඉන්දීය නාවික හමුදාව ඇතුළු වෙරළාරක්ෂක කණ්ඩායමයි.
ඒ වෙනුවෙන් X හි සටහනක් තබමින් තායිවානය ඉන්දියාව වෙත මෙසේ සඳහන් කර තිබෙනවා.
‘ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් වන් හයි 503 නෞකාවට ලබා දුන් කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා තායිවාන රජය කෘතඥතාව පළ කරයි. අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව ආපසු පැමිණීමට යැයි අපි ප්‍රාර්ථනා කරමු” යනුවෙන්.