AFC Banner
Empty Ad
Empty Ad

වතු කම්කරුවන් වෙනුවෙන් තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා පාගමනක්

ශ්‍රී ලංකාවේ තේ වතුවල සේවයට බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දකුණු ඉන්දියාවේ සිට පළමු කම්කරුවන් කණ්ඩායම් රැගෙන පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පාගමනක් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් ආරම්භ වී තිබෙනවා.

වසර 200කට පෙර පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් හා ඔවුන් ගමන් කළ මාර්ගය සිහිපත් කරමිනුයි තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ.

දකුණු ඉන්දියාවේ සිට මෙරට ගෙනා පළමු කම්කරු කණ්ඩායම ඉන්දියාවේ තලෙයිමන්නාරම වෙත බෝට්ටු මඟින් රැගෙනවිත් එතැන් සිට පාගමනින් මාතලේ දක්වා රැගෙන ආ බවයි කඳුකර ජනතාව සඳහන් කරන්නේ.

එම පළමු කම්කරු කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ මාතලේ දක්වා පැමිණ ඇති අතර එම ගමන් මගේදී විශාල පිරිසක් විවිධ අනතුරු සහ රෝගාබාධවලට මුහුණ දී මිය ගිය බව ද පැවසෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට සිය පැවැත්ම සඳහා අඛණ්ඩ අරගලයක නිතර කඳුකර දමිළ ජනතාව සමාන පුරවැසියන් ලෙසට පිළිගන්නා ලෙසට ඉල්ලමින් පාගමන සංවිධාන කර ඇති අතර, ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට’ යන තේමාව යටතේයි පාගමන පැවැත්වෙන්නේ.

දින 12ක් පුරා සිදු කෙරෙන පා ගමන ඊයේ තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානය අසළින් ආරම්භ වූ අතර එය මාතලේ දක්වා ගමන් කිරීමට නියමිතයි.

පාගමන ආරම්භ කිරීමට සමගාමීව තලෙයිමන්නාරම ප්‍රදේශයට පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ ස්මාරකයක් සකස් කර ඊට මල් පහන් පුජා කිරීම ද සිදු කරනු ලැබුවා.

කම්කරු ජනතාව වෙත සමාන අයිතිවාසිකම් ඉල්ලීම, කම්කරු ප්‍රජාව සංවර්ධනය කිරීම, කම්කරු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වැනි කරුණු ගණනාවක් ද පාගමනේ නිරත ජනතාව ඉල්ලා සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම පාගමන වෙනුවෙන් කඳුකර ජනතාව, එම ජනතාව නියෝජනය කරන සිවිල් සංවිධාන සහ තවත් සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55

?