වතු කම්කරුවන් වෙනුවෙන් තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා පාගමනක්

ශ්‍රී ලංකාවේ තේ වතුවල සේවයට බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දකුණු ඉන්දියාවේ සිට පළමු කම්කරුවන් කණ්ඩායම් රැගෙන පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පාගමනක් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් ආරම්භ වී තිබෙනවා.

වසර 200කට පෙර පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් හා ඔවුන් ගමන් කළ මාර්ගය සිහිපත් කරමිනුයි තලෙයිමන්නාරමේ සිට මාතලේ දක්වා මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ.

දකුණු ඉන්දියාවේ සිට මෙරට ගෙනා පළමු කම්කරු කණ්ඩායම ඉන්දියාවේ තලෙයිමන්නාරම වෙත බෝට්ටු මඟින් රැගෙනවිත් එතැන් සිට පාගමනින් මාතලේ දක්වා රැගෙන ආ බවයි කඳුකර ජනතාව සඳහන් කරන්නේ.

එම පළමු කම්කරු කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ මාතලේ දක්වා පැමිණ ඇති අතර එම ගමන් මගේදී විශාල පිරිසක් විවිධ අනතුරු සහ රෝගාබාධවලට මුහුණ දී මිය ගිය බව ද පැවසෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට සිය පැවැත්ම සඳහා අඛණ්ඩ අරගලයක නිතර කඳුකර දමිළ ජනතාව සමාන පුරවැසියන් ලෙසට පිළිගන්නා ලෙසට ඉල්ලමින් පාගමන සංවිධාන කර ඇති අතර, ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට’ යන තේමාව යටතේයි පාගමන පැවැත්වෙන්නේ.

දින 12ක් පුරා සිදු කෙරෙන පා ගමන ඊයේ තලෙයිමන්නාරම ශාන්ත ලෝරන්ස් දේවස්ථානය අසළින් ආරම්භ වූ අතර එය මාතලේ දක්වා ගමන් කිරීමට නියමිතයි.

පාගමන ආරම්භ කිරීමට සමගාමීව තලෙයිමන්නාරම ප්‍රදේශයට පැමිණි පළමු කම්කරු කණ්ඩායම සිහි කරමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ ස්මාරකයක් සකස් කර ඊට මල් පහන් පුජා කිරීම ද සිදු කරනු ලැබුවා.

කම්කරු ජනතාව වෙත සමාන අයිතිවාසිකම් ඉල්ලීම, කම්කරු ප්‍රජාව සංවර්ධනය කිරීම, කම්කරු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වැනි කරුණු ගණනාවක් ද පාගමනේ නිරත ජනතාව ඉල්ලා සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම පාගමන වෙනුවෙන් කඳුකර ජනතාව, එම ජනතාව නියෝජනය කරන සිවිල් සංවිධාන සහ තවත් සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39