ඩයනාගේ නඩුවේ සාක්ෂි විභාගය අරඹන්න දින දෙයි

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති චෝදනා 07ක් ඇතුළත් නඩුවේ සාක්ෂි විභාගය මෙම මස 24 දින ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) දින නියම කළා.

එමෙන්ම සිද්ධියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසට ද නියෝග කර සිටියා.

ඒ අනුව සාක්ෂිකරුවන් වන ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකරුට මෙලෙස නොතීසි නිකුත් කෙරුණා.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එලෙස නියෝග නිකුත් කළා.

ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 07 පසුගිය නඩු වාරයේ දී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේ දී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව එසේ ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

එම චෝදනා හතට තමන් නිවැරදිකාරිය බවට සැකකාර ඩයනා ගමගේ අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 05ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර වටිනා පෙර නියම කළ ඇප දෙකක් මත මුදාහරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම,2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 01 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට N 5091386 අංකය දරණ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා හට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම, ඇතුළු චෝදනා හතකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවන් වනවා.

බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 08 වන දින ඇය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට ඉකුත් මැයි මස 08 වන දින නියෝගයක්ද නිකුත් කර තිබුණා.

එම නියෝගයෙන් අනතුරුව ඩයනා ගමගේ නීතිඥවරයෙකු මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් අනතුරුව ඇයට එලෙස ඇප නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23