රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීමේ වැඩසටහනක් ඊයේ (10) මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.
ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.
වතු කම්කරුවන්ට වසර ගණනාවක් පුරා නොගෙවා පැවති හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම වෙනුවෙන් රුපියල් මිලියන 4,506ක මුදලක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව, මෙම සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ (SLSPC) සේවකයින් 164 දෙනෙකුට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (JEDB) සේවකයින් 87 දෙනෙකුට සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ (EPL) සේවකයින් 52 දෙනෙකුට, හිඟ පාරිතෝෂික මුදල් සඳහා අදාළ චෙක්පත් හිමි වනවා.
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 2,043ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් මිලියන 503ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 4,506ක් වෙන් කර තිබෙනවා.













