ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතිය යටතේ මේ වසරේ දී වතු ආශ්‍රිත නිවාස 4,700ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න; එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතීත්වයෙන් පෙරේදා (05) රැස් වූ අවස්ථාවේදී සඳහන් කළා.
අමාත්‍යවරයා අවධාරණය කළේ මීට පෙර නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත සිදු වී ඇති බවට කරුණු වාර්තා වුවද මෙවර කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රමුඛතාවය මත වඩාත් විනිවිදභාවයකින් එම කටයුතු සිදුකරන බවයි.
මෙහිදී නායයෑමේ අවධානම සහිත ප්‍රදේශවල පිහිටි නිවාසවල ජීවත්වන ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ඔහු පෙන්වා දුන්නා.
තව ද වතු නිවාස වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රුපියල් මිලියන 1,300ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් කාරක සභාවට හදුන්වාදෙමින් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින වැවිලි සමාගම්වල ඌන උපයෝජන ඉඩම් හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට හදුනාගෙන ඇති බවත් ඒවා ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම 2024 වසරේදී මෙරට මුළු තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 262කට ආසන්න බවත් 2025 වසර සඳහා එම ඉලක්කය තේ කිලෝ ග්‍රෑම් මිලියන 275ක් බවත් ලේකම්වරයා පැවසුවා.
තවද ලෝකයේ ප්‍රථම රබර් පර්යේෂණායතනය ස්ථාපිත කළ මෙරට රබර් අපනයනයේ අඩුවක් සිදුව ඇති ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා 2025 වසර සඳහා එම ඉලක්කය රබර් කිලෝ ග්‍රෑම් මිලියන 78ක් බවත් සඳහන් කළා.