වතු ආශ්‍රිත ප්‍රජාවට නිවාස 4,700ක් මෙම වසරේ

ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතිය යටතේ මේ වසරේ දී වතු ආශ්‍රිත නිවාස 4,700ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න; එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතීත්වයෙන් පෙරේදා (05) රැස් වූ අවස්ථාවේදී සඳහන් කළා.

අමාත්‍යවරයා අවධාරණය කළේ මීට පෙර නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත සිදු වී ඇති බවට කරුණු වාර්තා වුවද මෙවර කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රමුඛතාවය මත වඩාත් විනිවිදභාවයකින් එම කටයුතු සිදුකරන බවයි.

මෙහිදී නායයෑමේ අවධානම සහිත ප්‍රදේශවල පිහිටි නිවාසවල ජීවත්වන ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

තව ද වතු නිවාස වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රුපියල් මිලියන 1,300ක් වැය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් කාරක සභාවට හදුන්වාදෙමින් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින වැවිලි සමාගම්වල ඌන උ‍පයෝජන ඉඩම් හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට හදුනාගෙන ඇති බවත් ඒවා ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම 2024 වසරේදී මෙරට මුළු තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 262කට ආසන්න බවත් 2025 වසර සඳහා එම ඉලක්කය තේ කිලෝ ග්‍රෑම් මිලියන 275ක් බවත් ලේකම්වරයා පැවසුවා.

තවද ලෝකයේ ප්‍රථම රබර් පර්යේෂණායතනය ස්ථාපිත කළ මෙරට රබර් අපනයනයේ අඩුවක් සිදුව ඇති ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා 2025 වසර සඳහා එම ඉලක්කය රබර් කිලෝ ග්‍රෑම් මිලියන 78ක් බවත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40