පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයකින් රුපියල් 1,000,000ක දඩයක් නියම කර තිබෙනවා.
දුම්රියපොළ පාර, ඇල්ල ලිපිනයේ අදාළ ආපනශාලාවේ සිදුකළ වැටලීමේදී, 2025.04.01 දිනැති අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රුපියල් 100ක උපරිම සිල්ලර මිල ඉක්මවා එම බෝතලයක් රුපියල් 200කට අලෙවි කර තිබීම අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
අංක 93 දරන නියෝගය අනුව එම ප්‍රමාණයේ බෝතලයක උපරිම සිල්ලර මිල රු.100/-ක් වූ අතර එම නියෝගය 2025.04.01 දින සිට ක්‍රියාත්මක වුණා.
අදාළ නඩුව ඊයේ (23) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රු.1,000,000ක දඩයක් නියම කරනු ලැබුවා.













