වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි‌ වෙයි

“වෙරිටේ රිසර්ච්” ආයතනය විසින් මාසිකව සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ. එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි. 2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.
මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙණ අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්,ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.
රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර ඇත. එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට 2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරීමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියළු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටහා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.

‘රට හිතන හැටි’ ජනමත විමසුම
Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54