වඩිවෙල් සුරේෂ් ගැන SJB තීරණයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පක්ෂයේ තීරණයට පිටුපාමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට ඔහු පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්.

පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි.

අදාළ ඡන්ද විමසීමේදී වඩිවෙල් සුරේෂ්ට අමතරව විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්. ෆවුසි ද ආණ්ඩුව ගෙනආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?