spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර ගැන ඉඟියක් මෙන්න

ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ලෙස කටයුතු කරන චියෝ කන්ඩා මහත්මිය මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ බව වාර්තාවනවා.

එම අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස එතුමා චියෝ කන්ඩා මහත්මියගෙන් ඉල්ලා සිටි අතර ඉදිරි අයවැය ප්‍රකාශයට පත් කිරීමේ දී අයවැය හිඟය අවම කරගැනීම හේතුවෙන් මතුවන අභියෝගවල බරපතලකම පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

එමෙන්ම මෙම අර්බුදයට තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව ඉතා ඉහලින් අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ ය.

තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (ඇඓඓඹ්) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කළා ය.

මෙහිදී වැඩි දුරටත්ය් අදහස් දැක්වූ ඇය කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?