ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර ගැන ඉඟියක් මෙන්න

ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ලෙස කටයුතු කරන චියෝ කන්ඩා මහත්මිය මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ බව වාර්තාවනවා.

එම අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස එතුමා චියෝ කන්ඩා මහත්මියගෙන් ඉල්ලා සිටි අතර ඉදිරි අයවැය ප්‍රකාශයට පත් කිරීමේ දී අයවැය හිඟය අවම කරගැනීම හේතුවෙන් මතුවන අභියෝගවල බරපතලකම පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

එමෙන්ම මෙම අර්බුදයට තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව ඉතා ඉහලින් අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ ය.

තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (ඇඓඓඹ්) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කළා ය.

මෙහිදී වැඩි දුරටත්ය් අදහස් දැක්වූ ඇය කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34