ලෝක ගුරු දිනය අදට (05) යේදී තිබෙනවා.
යුනෙස්කෝ සංවිධානය විසින් ඔක්තෝම්බර් 05 වනදා ලෝක ගුරු දිනය ලෙස නම්කර තිබෙනවා.
ඔක්තෝම්බර් 05 වන දිනක ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීම සිදුකළ අතර, එය සැමරීම වෙනුවෙන් මෙදින ලෝක ගුරු දිනය ලෙස නම් කරනු ලැබුවා.
ගරු කිරීමට සුදුසු තැනැන්තා ගුරුවරයා වන අතර, සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයට භාජනයවන එකම තැනැත්තා ද ගුරුවරයා වනවා.
මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ “ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම” යන්නයි.
මේ අතර මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස 06 වනදා සමරනු ලබනවා.
ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 06 වනදා වීම ඊට හේතුවයි.





