ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට දුරකථන ඇමතුමක්

20-20 ලෝක කුසලානය දිනූ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා උදෑසන දුරකථනයෙන් අමතා තිබෙනවා.

එහිදී 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම පිළිබඳව සමස්ත කණ්ඩායමට සුබ පැතුම් එක්කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහිත් ෂර්මාගේ විශිෂ්ට නායකත්වයට මෝදි සුබ පතා ඇති අතර, ඔහුගේ විස්සයි විස්ස දිවිය අගය කළ බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

අවසන් මහා තරගයේ දී විරාත් කෝලිගේ ඉනිම මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ දායකත්වය පිළිබඳව ද ඔහුට අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කර තිබෙනවා.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ හර්දික් පාණ්ඩ්‍යා සහ හතරේ සීමාවේ දී ලබා ගත් විශිෂ්ට උඩපන්දුව වෙනුවෙන් සූර්යකුමාර් යාදව්ව අග්‍රාමාත්‍ය මෝදි විසින් මෙහිදී අගයකර ඇති බව සඳහන්.

එමෙන්ම වේග පන්දු යවන ජස්ප්‍රීට් බුම්රා තරගාවලියේ දී ලබාදුන් විශිෂ්ට දායකත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කර තිබෙනවා.

මේ අතර එම දුරකථන ඇමතුමේ දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කළ දායකත්වය වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට ස්තුතිය පුද කිරීමට ද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සිය දෙවන 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි සිය නිල එක්ස් ගිණුමට වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මුළු ජාතිය වෙනුවෙන්ම සුබ පැතුම් එක්කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25