පවතින වැසි සහ සුළං තත්ත්වයේ හෙට සිට වැඩිවීමක්

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට (05) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (05) දිනයේදී:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මී. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

උතුරු – මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26