සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට වැඩ වරදී

කදපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයට ගිනි තැබූ සැකකරු නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අද (05) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණයේ දී වරද පිළිගත් අතර එහිදී චූදිතයාට රක්ෂිතයට ඇතුළු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් රු.40000ක දඩ මුදලක්ද, එම රක්ෂිතයේ ගිනි තැබීම තුලින් හෙක්ටයාර එකකට සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කළා.

සැකකරු නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නැමති 48 හැවිරිදි අයෙක්.

සැකකරු පසුගිය ජූලි 21 දින එම රක්ෂිතයට ඇතුලු වී විනෝදයට රක්ෂිතයට ගිනි තබා ඇති අතර, පසුව නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57