කදපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයට ගිනි තැබූ සැකකරු නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අද (05) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකරු අධිකරණයේ දී වරද පිළිගත් අතර එහිදී චූදිතයාට රක්ෂිතයට ඇතුළු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් රු.40000ක දඩ මුදලක්ද, එම රක්ෂිතයේ ගිනි තැබීම තුලින් හෙක්ටයාර එකකට සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කළා.
සැකකරු නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නැමති 48 හැවිරිදි අයෙක්.
සැකකරු පසුගිය ජූලි 21 දින එම රක්ෂිතයට ඇතුලු වී විනෝදයට රක්ෂිතයට ගිනි තබා ඇති අතර, පසුව නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කරනු ලැබුවා.













