“ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමට හැකියාවක් නැහැ” – විදෙස් ඇමති එක්සත් ජාතීන් අමතමින් කියයි

මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ (24) අමතනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ මේ මොහොතේ ආර්ථික දේශපාලනික හා සමාජයීය වශයෙන් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

දේශපාලන, සමාජයීය සහ ආර්ථිකමය වෙනස්කම් රැසක් ඇති කරගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම භාෂණයේ නිදහස ගරු කරන බව සඳහන් කළ ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථානුකූලව ඒ සියල්ල සිදුවිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරයා සමඟ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39