spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමට හැකියාවක් නැහැ” – විදෙස් ඇමති එක්සත් ජාතීන් අමතමින් කියයි

මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ (24) අමතනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ මේ මොහොතේ ආර්ථික දේශපාලනික හා සමාජයීය වශයෙන් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

දේශපාලන, සමාජයීය සහ ආර්ථිකමය වෙනස්කම් රැසක් ඇති කරගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එමෙන්ම භාෂණයේ නිදහස ගරු කරන බව සඳහන් කළ ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථානුකූලව ඒ සියල්ල සිදුවිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරයා සමඟ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?