ලොක්ඩවුන් එක ගැන වෛද්‍ය විශේෂඥයින් කියූ දේ

එළඹෙන උත්වස සමයේදී රට ලොක්ඩවුන් කිරීමක් සිදුකළ යුතුද යන්න මේ මොහොතේ පුරෝකථනය කිරීම කළ නොහැකි බව වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මේ බව සඳහන් කර සිටියා.

“දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ අපි පවතින තත්ත්වය සමාලෝචනය කරලා තමයි ඊළඟ තීරණ ගන්නේ. දින මාස වේගෙන් යනවා. ඒ නිසා එළඹෙන සතිය විශේෂ සතියක්. පාසල් සම්පූර්ණයෙන් පටන් ගන්නවා. අප්‍රේල් ආයෙත් උත්සව සමයක් එනවා. ඒ නිසා අපි දැන්ම ඒ ගැන අවධානය යොමු කරලා සෞඛ්‍ය පුරුදු සමග කටයුතු කරන්න අවශ්‍යයයි.”

“පෙබරවාරි 01 වනදා ලොක්ඩවුන් කරන්න වෙයිද කියලා අපිට දැන්මම පුරෝකථනය කරන්න බෑ. වෛරස හැසිරීම සම්බන්ධයෙන් අපි උපදෙස් දෙනවා. නමුත් අපිට ඉතාමත් අපහසුයි පුරෝකථනය කරන්න. අලුත් ප්‍රභේදයක් ආවත් මාස්ක් එකක් දාලා හිටිය නම් ඒක පැතිරෙන්නේ නෑ. අනෙක් කරුණ තමයි රට සාමාන්‍යකරණය වෙලා නෑ.. නව සාමාන්‍යකරණයකට තමයි අපි ගිහින් තියෙන්නේ.”

“අපේ රටෙන් තාම කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා එකට ආසාදනය වුණු රෝගීන් වාර්තා වී නෑ. එහෙම වාර්තා වුණත් ඒක විශාල ගැටලුවක් නෙමෙයි. කොවිඩ් -19 පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්ෆ්ලුවන්සා මේ කාණ්ඩයේ අනෙක් වෛරසත් වර්ධනයවීමේදී වෙනස්වීම් සිදුවෙනවා. වෙනස්වීම් එකතුවෙලා එකතුවෙලා විකෘතිතා ඇතිවෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13