Empty Ad
Empty Ad

ලොහාන්ගේ ශරීරයේ මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණට ඉදිරිපත් කිරීමට පෙර අද (07) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේ දී; මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් ඔහුගේ ශරීර ගතව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (07) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේ.

අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ රථවාහන නඩුවක් සහ කලහාකාරී ලෙස හැසිරී පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකිරීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07 ) දහවල් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ ලබන 09 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු කොළඹ නව මැගසින් බන්ධනාගාර වෙත රැගෙන ගියා.

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බීමතින් රිය ධාවනය කළ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමති නලීන්ගේ මෝලටත් පාරිබෝගික නිලධාරීන් යයි - ගිහින් දීපු සැර උපදෙස
05:12
Video thumbnail
රිලව්න්ට - වඳුරන්ට අව්ලක් වෙන එකක් නෑ.පරිසරවේදීන් එක්ක එක්වූ පරිසර ඇමති කියයි
05:30
Video thumbnail
හදිසියේ ඇමති පරිසරවේදීන් කැඳවයි - එකතු වෙලා වැඩ කරන්න යෝජනා කරයි
08:33
Video thumbnail
ජනපති අනුර එක සද්දයයි දැම්මේ - මෙන්න ලොරි පිටින් හාල් කොළඹට
12:28
Video thumbnail
ජනපති ළඟ තියාගෙන අල්ලස් ගන්න අයට දීපු රතු එළිය
26:14
Video thumbnail
ජනපති අද කරපු සැර කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න
29:19
Video thumbnail
සම්බෝලයක් කන්න පොල් තියෙනවද ? ලාල් කාන්ත එක්ක මම එකඟයි - පරිසරවේදීන්ට ඕන ඕන විදිහට නටන්න බෑ
10:20
Video thumbnail
ආණ්ඩුවට දැන් නම් හොඳටම වැඩ වරදී - ගොවියන් පාරට බහියි
06:28
Video thumbnail
2030 වෙද්දී රටේම පොල් තියෙයි - පොල් සංවර්ධන අධිකාරිය රටට කියයි
04:10
Video thumbnail
හඳුන්නෙත්ති වගකීමක් ඇතුව කතාකරන්න, බොරු බලාපොරොත්තු දෙන්න එපා
07:29

?