ලොහාන්ගේ ශරීරයේ මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණට ඉදිරිපත් කිරීමට පෙර අද (07) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේ දී; මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් ඔහුගේ ශරීර ගතව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (07) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේ.

අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ රථවාහන නඩුවක් සහ කලහාකාරී ලෙස හැසිරී පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකිරීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07 ) දහවල් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ ලබන 09 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු කොළඹ නව මැගසින් බන්ධනාගාර වෙත රැගෙන ගියා.

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බීමතින් රිය ධාවනය කළ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21