Empty Ad
AFC Banner
Empty Ad

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි නිවීමට යුක්‍රේනයත් සහායට එන්න සැරසෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා යුක්‍රේනය ද සහාය සැපයීමට ඉදිරිපත් වී සිටිනවා.

ඒ, අනුව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ තම රටෙන් ගිනි නිවන භටයින් 150 දෙනෙකු යෙදවීමට සූදානම් බවයි.

මේ අතර පැතිර යන ලැව්ගිනි පාලනය කිරීම සඳහා මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ගිනි නිවන භටයින් මේ වනවිටත් කැඳවා ඇති අතර, මෙක්සිකානු භටයින් 70 කට වැඩි පිරිසක් අද (13) දිනයේ සිට ‘පැලිසේඩ්’ ගින්න මැඩපැවැත්වීම ආරම්භ කර තිබෙනවා.

කැලිෆෝනියා ගිනි නිවන අධිකාරිය පවසන්නේ පසුගිය සතිය තුළ නගරයේ අක්කර 40,000ක් ලව්ගින්නෙන් දැවී ගොස් ඇති බවත්, ප්‍රධාන ලැව්ගිනි තුනක් තවමත් සක්‍රීය මට්ටමේ පවතින බවයි.

මෙම ලැව්ගිනි තුනෙන් දරුණු ලෙස පවතින ‘පලිසේඩ්ස්’ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කරනවා.

මේ අතර ලැව්ගිනි පාලනය සඳහා බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් යොදා ගැනීමට පියවර ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස ලැව්ගිනි සමඟ සටන් කරන රැඳවියන් “වීරයන්” බවයි ප්‍රසිද්ධ නිරූපිකාවක්වන කිම් කාර්ඩෂියන් පවසා ඇත්තේ.

ගිනි නිවීම සඳහා එක්කරගෙ ඇති රැඳවියන්ට දිනකට වැටුපක් ලෙස ඩොලර් 01ක් මුදලක් ලබා දෙන බවයි වාර්තා වුණේ.

මේ අතර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17

?