ලොස් ඇන්ජලීස් ලැව්ගිනි නිවීමට යුක්‍රේනයත් සහායට එන්න සැරසෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා යුක්‍රේනය ද සහාය සැපයීමට ඉදිරිපත් වී සිටිනවා.

ඒ, අනුව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ තම රටෙන් ගිනි නිවන භටයින් 150 දෙනෙකු යෙදවීමට සූදානම් බවයි.

මේ අතර පැතිර යන ලැව්ගිනි පාලනය කිරීම සඳහා මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ගිනි නිවන භටයින් මේ වනවිටත් කැඳවා ඇති අතර, මෙක්සිකානු භටයින් 70 කට වැඩි පිරිසක් අද (13) දිනයේ සිට ‘පැලිසේඩ්’ ගින්න මැඩපැවැත්වීම ආරම්භ කර තිබෙනවා.

කැලිෆෝනියා ගිනි නිවන අධිකාරිය පවසන්නේ පසුගිය සතිය තුළ නගරයේ අක්කර 40,000ක් ලව්ගින්නෙන් දැවී ගොස් ඇති බවත්, ප්‍රධාන ලැව්ගිනි තුනක් තවමත් සක්‍රීය මට්ටමේ පවතින බවයි.

මෙම ලැව්ගිනි තුනෙන් දරුණු ලෙස පවතින ‘පලිසේඩ්ස්’ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කරනවා.

මේ අතර ලැව්ගිනි පාලනය සඳහා බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් යොදා ගැනීමට පියවර ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස ලැව්ගිනි සමඟ සටන් කරන රැඳවියන් “වීරයන්” බවයි ප්‍රසිද්ධ නිරූපිකාවක්වන කිම් කාර්ඩෂියන් පවසා ඇත්තේ.

ගිනි නිවීම සඳහා එක්කරගෙ ඇති රැඳවියන්ට දිනකට වැටුපක් ලෙස ඩොලර් 01ක් මුදලක් ලබා දෙන බවයි වාර්තා වුණේ.

මේ අතර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14