ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් රතු එළියක්

දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල ඉහළ දැමීමට කටයුතු නො කළහොත් ඉදිරියේ දී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පවසන්නේ ලොතරැයි පතක් වෙනුවෙන් දැනට ලබාදෙන සියයට 17.05ක කොමිස් මුදල සියයට 20ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

දැනට රට තුළ අලෙවි නියෝජිතයින් 4800ක් පමණ සිටින බවත්, අලෙවි සහායකවරුන් 38,000ක් පමණ ලොතරැයි ව්‍යාපාරයේ නියැලී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව ඔවුගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වන බව ද සභාපතිවරයා සඳහන්කර සිටියා.

කොමිස් මුදල වැඩි කිරීමට වසර කිහිපයක සිට වරින්වර පත්වන ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් ගෙන් ඉල්ලා සිටි නමුත් මෙතෙක් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකවරුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18