spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් රතු එළියක්

දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල ඉහළ දැමීමට කටයුතු නො කළහොත් ඉදිරියේ දී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පවසන්නේ ලොතරැයි පතක් වෙනුවෙන් දැනට ලබාදෙන සියයට 17.05ක කොමිස් මුදල සියයට 20ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

දැනට රට තුළ අලෙවි නියෝජිතයින් 4800ක් පමණ සිටින බවත්, අලෙවි සහායකවරුන් 38,000ක් පමණ ලොතරැයි ව්‍යාපාරයේ නියැලී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව ඔවුගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වන බව ද සභාපතිවරයා සඳහන්කර සිටියා.

කොමිස් මුදල වැඩි කිරීමට වසර කිහිපයක සිට වරින්වර පත්වන ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් ගෙන් ඉල්ලා සිටි නමුත් මෙතෙක් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකවරුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?