ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්

වී සඳහා ස්ථාවර මිලක් ලබාදීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ ඔවුන් වී මිලදී ගැනීමේ ගැටලු සහ ඔඩපන ණය ක්‍රමවේදය තුළ බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළා.

වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී යෝජනා කළ ඔවූහු වී මිලදී ගැනීම සඳහා තමන්ට ප්‍රමාණවත් ධාරිතාවක් පවතින බවත්, ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහතික කිරීමට එය හොඳ අවස්ථාවක් වන බවත් පෙන්වා දුන්නා.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ, වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බවයි.

ඒ, අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,000 ක් විය යුතු බවත්, මිලදී ගන්නා වී තොග පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය බවත්, එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් රජය වෙත නැවත ගෙවිය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන මෝල් හිමියන්ට ඉදිරි කන්නවලදී ද මෙවැනි සහන ලබාදීමට රජය අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, මෙය රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන වගකීම් සහගත කාර්යයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

එමෙන්ම, මින් පෙර ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලදී ණය ආපසු නොගෙවීම නිසා මතු වූ ගැටලු පිළිබඳවද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කළා.

මීට පෙර ආණ්ඩුවෙන් ණය ලබා දී වී මිලදී ගෙන, එම වී නැවත ආණ්ඩුව විසින් මිලදී ගත යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රශංසාවට ලක් කළ වී මෝල් හිමියෝ මෙම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් දැනට ව්‍යාපාරවලින් ඉවත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විශාල පිරිසකට නැවත ක්ෂේත්‍රයට යොමු විය හැකි වන ඇති අතරම වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21