ලොකු ෂෝ නැතුව නිහඬව සමරන එක තමයි හොඳම රිදවීම

ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන 20 – 20 තරගයේ ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජය සැමරීමට අපූරු ක්‍රමයක් භාවිතා කළ ආකාරය ඔබට මතක ඇති.

මීට මාස කිහිපයකට පෙර එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය විසින් ඇන්ජලෝ මැතිවුස්ව ටයිම් අවුට් ආකාරයට දවා ගැනීම මතකයට නංවමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් විසින් අතේ බැඳි ඔරලෝසුවක් පෙන්වන ආකාරයක් එහිදී දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර කළක සිට අළුයට ගිනි මෙන් තිබෙන නිමා නොවන විරසකයේ තවත් දිගුවක්, බංග්ලාදේශය මෙම තරගාවලියේම එක්දින කුසලානය ලබාගනිද්දී සිදු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20 – 20 තරගාවලිය අවසානයේ කුසලානය ලබාගනිද්දී, ටයිම් අවුට් නිරූපණය කරමින් බංග්ලාදේශයට කළ උපහාසයට ප්‍රති පිළිතුරක් අවස්ථාවේදී මුෂ්ෆිකර් රහීම් දැක්වුවා.

මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයන් කුසලානය සමග සමූහ ඡායාරූපය ලබාගනිද්දී, මුෂ්ෆිකර් රහීම් නිමා වූ එක්දින ලෝක කුසලානයේදී මැතිව්ස්ට මුහුණදීමට සිදු වූ ටයිම් අවුට් සිදුවීම මහත් හාස්‍යයෙන් නිරූපණය කළා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවති සම්පූර්ණ තරග සංචාරය අද (03) දින අවසන් වුණේ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්.

අද දිනයේදී පසුගිය එක්දින තරගාවලිය අවසානයේදී බංග්ලාදේශය සිදුකළ ප්‍රතිචාර දැක්වීමට ප්‍රති පිළිතුරක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කුසලානය ලබාගන්නා අවස්ථාවේදී සිදුකරනු ඇතැයි බොහෝ ක්‍රීඩාලෝලීන් විශ්වාස කළා.

නමුත්, කිසිදු විශේෂත්වයක් නොකරමින් සිය ජයග්‍රහණය නිහඬව සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) දින සමත්වුණේ බංග්ලාදේශයට එය හොඳම රිදවීමක් බවට හඟවමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
15
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?