spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බෑ ඒකයි පාරට බැස සිංදු කියන්නේ

රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වීමට නොහැකි ලෙස බඩු මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් පුද්ගලයකු නිට්ටඹුව නගරයේ පොදු වෙළඳ සංකීරණය අසල ඇති ත්‍රිරෝද රථගාල ඉදිරිපිටට පැමිණ ගීත ගායනා කරමින් මුදල් සොයා ගැනීමේ නිරතව සිටින අයුරු කැමරාවේ මෙලෙස සටහන් විය .

” මාසික වැටුප ජීවත් වෙන්න මදි , කැමැත්තෙන් ආශාවෙන් පාරට ආවා නොවෙයි , නිවාඩුවක් දාලා එන ජිවත් වෙන්න අමාරු නිසයි ” යනුවෙන් සඳහන් ප්‍රදර්ශන පුවරු දෙකක්ද ඉදිරිපිට තබාගෙන ඔහු මෙලෙස ගීත ගායනා කිරිල්ලෙහි නිරත වේ . නිට්ටඹුව , දිගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන මොහු විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක සේය කරනු ලබයි . රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් දරුවන් තිදෙනාත් සමග තම පවුලට ජීවත්වීමට නොහැකි තත්වයක් අද වනවිට උදා වී ඇති බැවින් රැකියාවෙහි නිවාඩු දිනවල මෙලෙස නිට්ටඹුව නගරයට පැමිණ ගීත ගායනා කරමින් අමතර මුදලක් සොයා ගැනීමේ නිරත වන බව ඔහු පවසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?