භික්ෂූන් වහන්සේලා විදෙස්ගත වීමේදී මහා නායක ස්වාමින් වහන්සේලාගේ නිර්දේශය අනිවාර්ය වෙයි

මීට කලකට ඉහත දී භික්ෂූන් වහන්සේ නමක්, විදේශ ගත විමක දී අනුගමනය කළ යුතු පියවරයන් ලෙස, එම භික්ෂූන් වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේගේ, ප්‍රාදේශීය නායක ස්වාමින් වහන්සේ සහ මහා නායක ස්වාමින් වහන්සේලාගේ නිර්දේශය හා එකඟතාවය ලබා ගැනීම නැවත වතාවක් මින් ඉදිරියට අනිවාර්ය කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය දා චීවරධාරීන් පිරිසක් තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (03) මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted