බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ තරගාවලි ජයක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයත් ලකුණු 03කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අද (02) බංග්ලාදේශයේ ශිල්හේට් ක්‍රීඩාංගනයේ දී යි.

වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වෙලාවට ආරම්භ කිරීමටය නොහැකි වූ නිසා තරගයේ එක ඉනිමක් පන්දුවාර 09කට සීමා වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 87ක් රැස්‌කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 88ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණයි.

ඒ කඩුලු 06ක් දැවී යාමෙන් පසුවයි.

ඒ අනුව මෙම තරගයේ ලබා ගත් ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග ද ජයගෙන තිබූ නිසා තරගාවලිය 3 -0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40