spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලලිත් කොතලාවලට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් හෙබවීම වළක්වාලමින් ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවල මහතා වෙත කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එස්.ඇන්ඩ්.එල් .ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් නීති විරෝධී මෙන්ම වංචනික ආකාරයට පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම අතුරු නියෝගය නිකුත් කළේ.

ඊට අමතරව අදාළ සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් ද අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අගෝස්තු 8 වනදා කරුණු දක්වන ලෙස නියෝග කරමින් වග උත්තරකාර ලලිත් කොතලාවල මහතාට අතුරු තහනම් නියෝග හා නොතීසි නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?