පයාගල රිය අනතුරකින් එක්දරු පියා ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේ අද (27) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් බස්රථයට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය ලොරි රථයේ ගැටීමෙන් අනතුරට ලක්වීමෙන් පසු යතරුපැදිකරු මාර්ගයේ වැටී සිටිය දී පසුපසින් පැමිණි බස් රථයට යට වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය බිරිඳ සහ දරුවා බැලීමට මොහු උදෑසනම රෝහල වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21