ලබන වසරේ සිට සාධාරණ මිලකට කෘමිනාශක සහ වල්නාශක ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, සඳහාවන සැලැස්ම සකස්කර අවසන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කෘමිනාශක සහ වල්නාශක වෙළඳපොළෙන් 20%ක් ආණ්ඩුව විසින් අත්පත් කර ගැනීමේ මෙහි ප්‍රධානතම අරමුණ බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ පොළොන්නරුව ගොවි රැළියට අද (12) පස්වරුවේ එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.













