ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකළ ද්විත්ව පුරවැසි කතක් අත්අඩංගුවට

කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල කැනඩාවේ ගණකාධිකාරිවරියක ලෙසින් රාජකාරි කරන කාන්තාවක පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය කැනඩාවේ ගණකාධිකාරිවරියක් ලෙසින් සේවය කරන බවත් පොලිසිය පැවසීය.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රෑසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති බවත්, වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කස්තුරිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !