ඉන්දීය යොවුන් පිතිකරුවන් දෙපළක් වන වයිභාව් සූර්යවන්ෂි සහ යශස්වි ජයිස්වාල් දෝෂ දර්ශනයට ලක්කරමින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජ්රේකර් විසින් X සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කර තිබෙනවා.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සහභාගී වූ තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර ඉන්දීය පිතිකරු වයිභාව් සූර්යවන්ෂි ශ්‍රී ලංකාවේ විශේන් හැලඹගේ ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර ගත් අතර, ඉන්දීය ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවියාමෙන් අනතුරුව ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල්, අසිත සමඟ ගැටුම්කාරී තත්ත්වයක් අත්කර ගත්තා.
කෙසේ වෙතත් සංජේ මන්ජ්රේකර් විසින් නිකුත් කළ X සමාජ මාධ්‍ය සටහනේ ඔහු පෙන්වා දී ඇත්තේ මෙය ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයින්ට ද යහපත් නොවන බවයි.
එම සටහන මඟින් සංජේ මන්ජ්රේකර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල වෙත පෙන්වා දී ඇත්තේ, ක්‍රීඩකයින්ගේ මෙවැනි හැසිරීම්වලට දිගින් දිගටම ඉඩ ලබා දුන්නොත්, එම හැසිරීම් නැවත නැවතත් සිදු කිරීමට, ඔබ ඔවුන්ව පුරුදු කිරීමක් කරවන බවයි.
ඔවුන්ගේ මෙම හැසිරීම් ක්‍රීඩාවට මෙන්ම, ඊටත් වඩා වැඩි වශයෙන් ඔවුන්ගේම අනාගතයට ද යහපත් නොවන බවට සංජේ මන්ජ්රේකර් පෙන්වා දී තිබෙනවා.
මෑතකදී ‘ඉන්දියානු A’ (India A) කණ්ඩායම නියෝජනය කළ වයිභාව් සූර්යවන්ෂි (Vaibhav) සහ දැන් ජයිස්වාල් (Jaiswal) වැනි ක්‍රීඩකයින්ගේ මෙවැනි හැසිරීම්වලට දිගින් දිගටම ඉඩ ලබා දුන්නොත්, එම හැසිරීම් නැවත නැවතත් සිදු කිරීමට ඔබ ඔවුන්ව පුරුදු කරනවා වැනිය. මෙය ක්‍රීඩාවට මෙන්ම, ඊටත් වඩා වැදගත් ලෙස ඔවුන්ගේම අනාගතයට ද යහපත් නොවේ.














