රෝහල් වල ගොඩගැසී ඇති මෘත ශරීරවලට කරන්න යන දේ

දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් සමහර මෘත ශරීර ඇතැම් රෝහල් වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර,ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණූ මත අමාත්‍යවරයා මේ පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කලක සිට ගොඩගැසී තිබූ මෘත දේහයන් ප්‍රමාණයක් මෙයට දින කිහිපයකට පෙරද රෝහල් වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු අතර එලෙස ඉතිරිව තිබෙන තවත් මෘත දේහයන්ද මේ අනුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනෙනවා.

මේ අතර ඇතැම් රෝහල්හි අබලන්ව ඇති මෘත ශරීරාගාර හා ශීතාගාර කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව රෝහල්හි මෘත ශරීර අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇති බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41