spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහල් වල ගොඩගැසී ඇති මෘත ශරීරවලට කරන්න යන දේ

දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් සමහර මෘත ශරීර ඇතැම් රෝහල් වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර,ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණූ මත අමාත්‍යවරයා මේ පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කලක සිට ගොඩගැසී තිබූ මෘත දේහයන් ප්‍රමාණයක් මෙයට දින කිහිපයකට පෙරද රෝහල් වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු අතර එලෙස ඉතිරිව තිබෙන තවත් මෘත දේහයන්ද මේ අනුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනෙනවා.

මේ අතර ඇතැම් රෝහල්හි අබලන්ව ඇති මෘත ශරීරාගාර හා ශීතාගාර කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව රෝහල්හි මෘත ශරීර අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇති බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?