රූපවාහිනි සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා මත එම සංස්ථාවේ හිටපු සභාපතිවරකෙු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂක ජනරාල් දේවප්‍රිය අබේසිංහව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙක් බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.